වාහන ආදායම් බලපත් නිකුත්කිරීම තාවකාලිකව නතර කෙරේ

Spread the love

වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ පද්ධතියේ යාවත්කාලින කටයුත්තක් හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල  හා පළාත් ප්‍රධාන කාර්යාල මගින් සිදුකෙරෙන ආදායම් බලපත්‍ නිකුත් කිරිම් කටයුතු තාවකාලිකව නතර කර ඇත. 

ලබන සදුදා තෙක් එය සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි . කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කාර්යාල කටයුතු සිදුනොවීමෙන් ඉදිරිපත්වූ ඉල්ලීම් විශාල ප්‍රමාණයක්  එකතුවී තිබීම මීට හේතුවී තිබේ. ලබන සදුදා සිට බලපත්‍ර නිකුත්කිරීම නැවත සිදුකෙරෙන බව සදහන් වේ.  

Tags: