ලංකාව ඉතාලියක් වනවා දකින්න කැමැති නැති නිසා ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව ජනපති කියයි
- RSL
- March 25, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Featured
- 0 Comments
ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති කැබිනට් මණඩල රැස්වීමේදී පවසා තිබෙනවා.
එහිදී රට තුළ පවතින වත්මන් තත්තවය ගැන පැහැදිලි කරමින් ජනපතිවරයා පවසා ඇත්තේ එම කාලසීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කෙසේ හෝ සපයා දෙන බවත්, සතොස හා සමුපකාරය සතු වියළි ආහාර සංචිත ද බෙදා හැරීමට කටයුතු කරන බවයි.
අවසානයට හමුවූ රෝගියාගේ සම්බන්ධම් සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කරන බව පැවසු ජනපතිවරයා ලංකාව ඉතාලියක් වනු දැකීමට තමා අකමැති හෙයින් ඉදිරියේදී දැඩි තීන්දු ගන්නා බවද පවසා තිබෙනවා.

