රැකියා විරහිත උපාධිධාරීට රැකියා ලබා දීම: පූර්ව කොන්දේසි මෙන්න

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” අනුව රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරිපත් කරන අයැදුම්පත් අදාළ අයැදුම්කරු පූර්වාසන්න වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින බවත්, ඉල්ලුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ස්ථීර පදිංචිකරුවෙක් බවත් ග්‍රාම නිලධාරී  සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළයුතුය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන ඩිප්ලෝමාවක් 2019-12-31 දිනට සම්පූර්ණ කර ඇති සියලුම උපාධිධාරින්ට ද මේ සඳහා අයැදුම් කළ හැකිය.

ඒ අනුව 2019-01-01 දින සිට 2019-12-31 දින දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති, අදාළ කාලය තුල (උපාධිය ලබාගත් දින සිට) රැකියා විරහිතව සිටින සියලුම උපාධිධාරින්ට ද මේ සඳහා අයැදුම් කළ හැක.