රාජ්‍ය සේවක ණය හා පොළී මේ මස සිට කැපීමට නියෝග
- RSL
- June 26, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Covid-19 වසංගතය හේතුවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ අත්හිටුවා තිබූ ණය වාරික හා ණය පොලී මෙම මස වැටුපේ සිට යළි අය කිරීමට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය.
රාජ්‍ය සේවය යළි සක්‍රීය කිරීම පිළිබද සිය අදහස් දක්මින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමට ලබාදී තිබූ සහන කාලය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය පරිදි තවදුරටත් පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී ලබා දී ඇති බවයි.

