රාජකාරියට යෑමට ඇඳිරිනීති බලපත් අවශ්‍ය නොවන ලැයිස්තුව 107 දක්වා ඉහළට
- RSL
- November 3, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රාජකාරියට යෑමට ඇඳිරිනීති බලපත් අවශ්‍ය නොවන ආයතන ලැයිස්තුව 84 සිට 107 දක්වා යාවත්කාලීන කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ආයතනවල සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග තම ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන ලද සේවයට කැඳවීමේ ලිපිය ඇඳිරිනීති බලපත වෙනුවට භාවිත කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළේ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සේවකයින්ට ද ඇඳිරිනීති බලපත් ලබාගැනීම් අවශ්‍ය නොවන බවයි.
යාවත්කාලීන කළ ආයතන ලේඛනය පහත දැක්වෙනවා.


මේ අතර ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සේවකයින්ට ඇඳිරිනීති බලපත් ලබාගැනීම් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

