රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාතය 12%යි
- RSL
- April 29, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
2020 අප්‍රේල් 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට සීමා කරමින් මුදල් නීති පනත යටතේ නියෝගයක් නිකුත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 අප්‍රේල් මස 27 වැනි දින නිකුත් කරන ලද විශේෂ නිවේදනයක සදහන් වේ.
එහි දැක්වෙන්නේ කොවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීිමේ අවශ්‍යතාව සලකමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවල රන් භාණ්ඩ උකස් අත්තිකාරම් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාත සීමා පැනවීමට තීරණය කරන ලද බවයි.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක පොලිය 12% – 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත.
කොවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීිමේ අවශ්‍යතාව සලකමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවල රන් භාණ්ඩ උකස් අත්තිකාරම් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාත සීමා පැනවීමට තීරණය කරන ලදි.
ඒ අනුව, 2020 අප්‍රේල් 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකට සීමා කරමින් මුදල් නීති පනත යටතේ නියෝගයක් නිකුත් කරන ලදී.
මෙම උපරිම පොලී අනුපාත, මෙම නියෝගය ක්‍රියාත්මක වන දින සිට අළුතින් ලබා දෙන උකස් අත්තිකාරම්වලට සහ දැනට පවතින උකස් අත්තිකාරම් එදින සිට නැවත අළුත් කිරීමේ දී අදාළ වේ.
තව ද, රන් භාණ්ඩ උකස් සේවා සපයන අනෙකුත් ආයතන ද සිය ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා දැරිය හැකි පිරිවැයකින් සපුරා ගැනීමට සහ පසු කාලීන ව එම උකසට තබන ලද ස්වර්ණාභරණ බේරා ගැනීමට හැකි වන පරිදි අඩු පොලියකට උකස් ණය පහසුකම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

