රථ වාහන වැරදි 33 ක දඩ මුදල් අද සිට ඉහළට

Spread the love

රථ වාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ අද සිට ක්‍රියාත්මක වේ. 

නව ස්ථානීය දඩ පත්‍රිකාව අද දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

නව ස්ථානීය දඩ පත්‍රිකාවට වැරදි 33ක් ඇතුළත් වේ.

මීට පෙර පැවති දඩ පත්‍රිකාවේ වැරදි 23ක් පැවති අතර එහි ඇතුළත්ව තිබූ වැරදි තුනක් නව දඩ පත්‍රිකාවෙන් ඉවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ.

මේ අතර නව ස්ථානීය දඩ පත්‍රිකාවට අනුව අවම දඩය රුපියල් 500 දක්වා ඉහළ දැමීමට ද පියවර ගෙන ඇත.

මෙවර එය 33 ක් දක්වා වැඩිකර ඇත්තේ දඩ ගෙවීම සම්බන්ධයෙන් ද නව රෙගුලාසි ද හඳුන්වා දෙමිනි.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා වන නව දඩ පත්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් 489 ක් වූ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බව ය.

මෙම නව ස්ථානීය දඩ සංශෝධන ක්‍රියාත්මක වන්නේ මේ වසරේ ජනවාරි මස 15 වන දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනූවය.

ඒ අනූව වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් රුපියල් 1000 ක්ව පැවති දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා ඇති අතර දින 14 ක් ඇතුළත ගෙවීමට අසමත් වුවහොත් එම මුදල දෙගුණයක් වන බව පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය.

මාර්ග රීතිවලට අවනත නොවීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥාවලට අවනත නොවීම, මාර්ගයක මෝටර් රථයක් නවතා තැබීමේදී හෝ එය ළඟ නොසිටීමේදී හෝ අක්‍රියවීමක දී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම යන වැරදි සම්බන්ධයෙන් අය කරන නව දඩ මුදල රුපියල් 2000 ක් වේ.

 

RSL

Related Posts