රට වසා දමනවාද ? – යුද්ධ හමුදාපති කියන කතාව
- RSL
- July 13, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුරේ සියලු ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කන්දකාඩු කොරෝනා පොකුරේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
‘කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ සියලූම ආශ්‍රිතයින් මේ වන විට ඔවුන්ගේ නිවාසවලම නිරෝධායනයට යොමු කර තිබෙන අතර රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවක සමාජයෙන් කොවිඞ් රෝගියෙකු හඳුනා ගැනීමක් සිදු වුණොත් ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා’
මෙහිදී වත්මන් තත්ත්වය සමග යළිත් රට වසා දැමීමේ අවධානමක් ඇද්දැයි මාධ්‍ය කළ විමසීමේදී යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනයට යටත් කර අවසන් නිසා රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. ‘යළිත් රට වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවක් අපි දකින්නේ නැහැ. කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා’
ඉදිරියේදී ඇතැම් ප්‍රදේශවලින් තවත් ආසදිතයන් කිහිප දෙනෙකු හමු වීමට හැකියාව ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග දැනටමත් මූලික වශයෙන්ම ක්‍රියාත්මක කර ඇති බවත් යුද්ධ හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළා.

