රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවකට ජනතාව ජනපතිට බලය දී තිබෙනවා – මහා සංඝරත්නය පෙන්වා දෙති
- RSL
- September 12, 2020
- Photo Stories, දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙති. ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේ පැවසූහ.
ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරු මේ බව කියා සිටියහ.




ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිවරයා විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග කථා බහක නිරත වූයේය.

ජනාධිපතිවරයා, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගිය ජනාධිපතිතුමා පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රි පඤ්ඤානන්ද හිමියන් බැහැ දැක සුව දුක් විමසීය.

