මෙවර 5 වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ලියන සිසුන්ට ‘වැදගත් නිල නිවේදන’
- RSL
- October 9, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් විභාග මාධ්‍යස්ථානයන් හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ වී විභාග මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ විශබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඒ ඒ විභාග මධ්‍යස්ථානවලට විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු අතිරේක ශාලාධිපති (ස්ථානභාර) ලෙස පත් කර ඇති බවයි.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඔක්තොබර් මස 12 වන දින සිට 2020 නොවැම්බර් මස 06 වන දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2684ක දී පැවැත්වීමට සියලු කයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා අයදුම්කරුවන් 362,824 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂත්වය සහ අ.පො.ස උසස් පෙළ සිසුන්ට විභාග ප්‍රවේශපත්‍රය ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙන බවයි.

