මැයි 04 වැනිදා තැපැල් කාර්යාල විවෘත කරන්නේ නැහැ – තැපැල් වෘත්තීය සමිති
- RSL
- May 2, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට භාර දෙන ලිපි ඇතුළු සියලු තැපැල් භාණ්ඩ ආරම්භක හා ගමනාන්ත කාර්යාලවලදී විෂබීජහරණය කිරීමට පහසුකම් සපයන තුරු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත නොකිරීමට තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ ඒකමතිකව තීරණය කළ බව එම පෙරමුණ විසින් තැපැල්පතිවරයා වෙත ලිපියක් මගින් දන්වා යවා තිබෙනවා.
එම ලිපියේ සදහන් වන්නේ රජය විසින් ගත් තීරණය අනුව කොළඹ හා තදාසන්න ප්රදේශවල තැපැල් කාර්යාල කාර්ය මණ්ඩල හතර වැනිදා සේවයට වාර්තා නොකරන බවට තීන්දු කර ඇති බවයි.
කොළඹ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙස දන්වා ඇතත් කිසිදු උප තැපැල් කාර්යාලයක් මේ වනතුරු විෂබීජහරණයකට ලක්කර නැති බවත් බොහෝ තැපැල් කාර්යාලවල තත්ත්වය ද එයම බවත් සදහන් කරන තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ සෞඛ්යාරක්ෂිත පරිසරයක කටයුුතු කිරීම තුල රට වැසියන්ගේ ආරක්ෂාව ද සහතික වන බවත් ඵලදායි සේවයක් සැපයිය හැකි වන බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.

