මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නේද? නැද්ද?-තීන්දුව හෙට
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට (02) පස්වරු 03.00 ට ප්‍රකාශයට පත්කරන බව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු විය.

