මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ යෝජනා නැති බවට ජනපති සහතික වෙයි
- RSL
- May 19, 2018
- දේශපාලන, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
ඇතැම් මාධ්‍ය මඟින් සහ ඇතැම් සංවිධාන පවසන ආකාරයට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා තුළ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී නොමැති බවට තමා සහතික වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (19) පැවති ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවයට එක් වෙමින් එතුමන් මේ බව ප්‍රකාශ කළේය.
මෙම රණවිරු සමරුව අඛණ්ඩව වසර 9 ක් පුරාවට පැවති බවත් අද වන විට බොහෝ පිරිසකට ත්රස්තවාදියා කවරෙක්ද රණවිරුවා කවරෙක්ද යන්න තේරුම් ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අන්තවාදය වපුරන පිරිස් උතුරේ මෙන්ම දකුණේද සිටින බවත් මේ පිළිබඳ තේරුම්ගෙන අප වගකීමෙන් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

