‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමයට අයැදුම්පත් කැඳවයි

Spread the love

ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවනු ලබන 2018 ‘මාධ්‍ය අරුණ’ විශේෂ ණය යෝජනා ක්‍රමය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ තුනක (රු. 3,00,000) උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු කරගැනීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක (1,50,000) උපරිමයකට යටත්ව පවතින පොලී අනුපාතයෙන් 50%ක පොලී සහනයක් යටතේ ණය ලබා දෙනු ඇත.

වසර තුනක සේවා කාලයක් සපුරා ඇති වයස අවුරුදු 60ට අඩු දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයෙහි නියැළී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන් හට මෙම ‘මාධ්‍ය අරුණ’ විශේෂ ණය යෝජනා ක්‍රමය සඳහා අයැදුම් කළ හැකිය.

මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය සම්පූර්ණ කරන ලද අයැදුම්පත් 2018.07.31 දින හෝ එදිනට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ (මාධ්‍ය), මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

මේ පිළිබඳව වැඩි විස්තර හා අයැදුම්පත් සඳුනි හෝ චන්දන දුරකථන අංක 0112513645/0112513459/0112513460 මඟින් අමතා හෝ www.media.gov.lk ( https://sinhala.media.gov.lk/images/pdf_word/2018/madya-aruna-sinhala.pdf )යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

RSL

Related Posts