මහවැලියේ අක්කර 2,750ක් බඩඉරිඟු වගාවට බදු දෙන්න කැබිනට් අනුමැතිය

Spread the love

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පාලනය වන රඹකැන්ඔය කලාපයේ හඳුනාගත් රක්ෂිතයන්ට අයත් නොවන, ඌන භාවිතයේ පවතින, අක්කර 2,750ක් බඩඉරිඟු වගාකිරීම සඳහා ආයෝජකයන්ට බදු පදනමින් ලබාදීමට ඊයේ (01) පැවැති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබෙනවා.

බඩඉරිඟු මහාපරිමාණ වශයෙන් වගාකිරීම සඳහා දේශීය කෘෂි ආයෝජකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවර ගැනීමට නියමිතය.

බඩ ඉරිඟු ආනයනය අත්හිටුවා ඇති බැවින්, ත්‍රිපෝෂ හා සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු මෙට්‍රික් ටොන් 250,000ක් පමණ දේශීයව වගාකිරීමට පියවර  ගතයුතු බව මෙහිදී අවධානයට යොමුව තිබේ.

ඒ අනුව, හඳුනාගත් දේශීය ආයෝජකයන් වෙත එක් වසරක කාලයක් සඳහා බදු පදනම යටතේ ඉඩම් කොටස් වෙන්කර දීමටත්, වගාවේ සාර්ථකත්වය මත ඉදිරියේදී රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි දිගුකාලීන පදනම මත ආයෝජකයන්ට ඉඩම් කොටස් ලබාදීමටත් වාර්මාර්ග අමාත්‍යවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

RSL

Related Posts