මයික් පොම්පේ ඇමෙරිකාවෙන් පිටත් වීමට පෙර තැබූ ට්වීටර් සටහන
- RSL
- October 26, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
‘ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දුශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි”

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සිය ආසියානු ශාන්තිකර කලාපීය සංචාරය ආරම්භ කරමින් සිය ට්විටර් ගිණුමෙහි තබන ලද සටහනෙහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය තානාපති කාර්යාලයීය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර ඇත.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයෙහි දමිළ පරිවර්තනයක් ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පළ කර ඇත.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට (27) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර 28 වැනි දින දක්වා ඔහු ලංකාවේ රැදී සිටී.

