බැසිල් රාජපක්ෂට අමෙරිකාවට යන්න අධිකරණයෙන් අවසර

Spread the love

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය.

ඒ, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා විසිනි.

මේ යටතේ බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 10 වැනිදාත් නොවැම්බර් 10 ත් අතර කාලය තුළ අමෙරිකාවේ සංචාරය සඳහා අවසර හිමි වේ.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැයකර ජී.අයි. පයිප්ප මිලදී ගෙන දේශපාලන කටයුතු සඳහා පලාත් පාලන ආයතන වෙත බෙදාදීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව හේතුවෙන් ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබුණි.
ඒ, අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ දෙකක පෞද්ගලික ඇපයක් මත මුදාහැරිමට මහාධිකරණ විනිසුරුවරයා නියෝගක කළේය.

RSL

Related Posts