බ්‍රිතාන්‍යයේ Covid-19 අනතුරු ඇඟවීමේ මට්ටම 4 දක්වා ඉහළට
- RSL
- September 21, 2020
- CORONA: Covid 19, විදේශීය
- featured
- 0 Comments
එක්සත් රාජධානියේ කොරෝනා වෛරස් අනතුරු ඇඟවීමේ මට්ටම 3 සිට 4 මට්ටම දක්වා ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර තිබේ. එයින් අදහස් වන්නේ සම්ප්‍රේෂණය “ඉහළ හෝ සීග්‍ර ලෙස ඉහළ යාම‘ බවයි ඔවුන් සදහන් කර ඇත්තේ.
වැඩිදුර ක්‍රියාමාර්ගයකින් තොරව ඔක්තෝබර් මැද වන විට දිනකට කොවිඩ් ආසාදිතයින් 50,000ක් වාර්තා විය හැකි බව රජයේ විද්‍යාත්මක උපදේශකවරයා විසින් අද (21) දින අනතුරු ඇගයීමක් කළා.
අද දින (21) එක්සත් රාජධානියේ තවත් දෛනික රෝගීන් 4,368 ක් වාර්තා වූ අතර ඊයේ (20) එම අගය 3899් විය.
ධනාත්මක පරීක්ෂණයකින් දින 28 ක් ඇතුළත තවත් 11 දෙනෙකු මියගොස් ඇති අතර, වාර්තා වී ඇති ප්‍රමාදයන් හේතුවෙන් මෙම සංඛ්‍යා සති අන්තයේ සහ සඳුදා දිනවල අඩු අගයක් ගනී.
ඔවුන්ගේ නිර්දේශය සනාථ කරමින් නිවේදනයක් නිකුත් කළ එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය සඳහා වන ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් මෙසේ පැවසීය:
“යළිත් කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව දැන් වේගයෙන් ඉහළ යමින් තිබේ. සරත් ඍතුව හා ශීත කාලය තුළ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය සහ අනෙකුත් සෞඛ්‍ය සේවාවන්හි සැලකිය යුතු අතිරික්ත මරණ හා සුවිශේෂී පීඩනයන් වළක්වා ගැනීමට නම්, සෑම කෙනෙකුම සමාජ දුරස්ථ මග පෙන්වීම අනුගමනය කළ යුතුය. මුහුණු ආවරණ නිවැරදිව පැළඳගෙන නිතිපතා අත් සේදීම කළ යුතුය”
සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ මෙම පියවර මගින් කොරොන වයිරස් විසින් වර්තමාන තර්ජනයේ සැලකිය යුතු වෙනසක් පිළිබිඹු වන බවයි.
“අප යළිත් වසංගතයේ ඍජු තර්ජනයට මුහුණ දී සිටිනවා. වෛරසය යළි පැතිරීම නැවැත්වීමට සහ ජීවිත ආරක්ෂා කිරීමට සෑම කෙනෙකුම දැන් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම අත්‍යවශ්‍යයි” ඔහු පැවසීය.


මීට පෙර ඩව්නිං වීදියේ දී ප්‍රධාන වෛද්‍ය උපදේශක මහාචාර්ය ක්‍රිස් විට්ටි සමඟ ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් පැවසුවේ “මේ මොහොතේ වසංගතය දින හතකට වරක් දෙගුණ වන බව අපි සිතමු. එය දිගටම පැවතුනහොත් ඔක්තෝබර් මැද භාගයේදී දෛනිකව ආසාදිතයින් 50,000 ක් වාර්තාවීම බොහෝ විට සිදුවනු ඇත.
“දිනකට රෝගීන් පනස් දහසක් ඔක්තෝබර් මාසයෙන් පසුව වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව නොවැම්බර් මැද භාගයේදී දිනකට මරණ 200 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් අභියෝගය වන්නේ දෙගුණ කිරීමේ කාලය දින හතක රැඳී නොසිටීමයි. ඒ සඳහා වේගය අවශ්‍යයි. එයට ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. එය පහතට ගෙන ඒමට ප්‍රමාණවත් වේ.”
බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

