බස්නාහිර පළාතේ ජනතාවට ‘යුද්ධ හමුදාපතිගෙන්’ විශේෂ දැනුම්දීමක්
- RSL
- October 28, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන්නේ තාවකාලිකව බැවින් ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටතට යෑමට උත්සහ නොකරන ලෙස යුද හමුදාපතිවරයා මහ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
අද (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී යුද්ධ හමුදාපතිවරයා ජනතාවගෙන් මෙම ඉල්ලීම කළේය.
මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ සඳුදා උදෑසන 5.00 ට ඇඳිරිනීතිය ඉවත් කළ ද දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවලට අඛණ්ඩව නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකවන බවයි.
‘මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ බස්නාහිර පළාතට ඇදිරිය නීතිය දාන්නේ හේතුවක් ඇතිවයි. ඒක අවබෝධ කර ගන්න. බස්නාහිර පළාතේ ජනතාව වෙනත් ප්‍රදේශවලට යෑමෙන් කොරෝනා වෛරසය පැතිර යාමට ඉඩ ඇති බැවින් එසේ නොකරන ලෙසි මම ඉල්ලා සිටින්නේ‘
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියන්නේ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකවන කාලයේදී අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල නිරතවන පිරිස් හැරුණුවිට වෙනත් කිසිදු අයෙකුට බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට අවසරහිමි නොවන බවයි.
‘‘අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස නම්කර ඇත්තේ ජලය, විදුලිය, සන්නිවේදනය, මාධ්‍ය, සෞඛ්‍ය, ඖෂධ, වරාය, ගුවන් තොටුපළ ආදී කටයුතු පමණයි. ඉන් බැහැර කිසිම කටයුත්තකට බස්නාහිර පළාතෙන් බැහැරව යාමට හැකියාවක් නැහැ. මේ ගැන දැඩිව පරීක්ෂා කිරීමට අධිවේගී මාර්ග ද ඇතුළුව බස්නාහිර පළාතට ඇතුළුවන සෑම ස්ථානයකම විශේෂ පොලිස් මාර්ග බාධක යෙදවීමට දැනටමත් කටයුතු කර තිබෙනවා“ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.Sharing is caring!

