බස්නාහිර ඇඳිරිනීතිය දීර්ඝ කරද්දී තවත් පොලිස් වසම් 03ක් එක් කරයි
- RSL
- November 1, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කිරීමට රජය විසින් පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (01) පස්වරු 04.00ට රූපවාහිනි මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.
මෙහිදී යුද්ධ හමුදාපතිවරයා සදහන් කළේ මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වීම නිසා මෙම තීරණය ගත් බවයි.
බස්නාහිර පළාතට අමතරව කොවිඩ්-19 ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන තවත් ප්‍රදේශ කිහිපයකට ද නොවැම්බර් 09 වැනි දින පෙ.ව 05.00 දක්වා අලුතින් ඇඳිරිනීතිය පැනවෙන බව මෙහිදී යුද හමුදාපතිවරයා නිවේදනය කළේය.
ඒ අනුව ඇඳිරිනීතිය පැනවෙන ස්ථාන වන්නේ, ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමයි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් සහ නිරෝධානයට ලක්කර ඇති පවුල්වලට රුපියල් 10,000ක ආහාර මල්ලක් මේ සමග ලබාදීමට පියවර ගන්නා බවයි.

