පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහ මැතිවරණයට අදාළ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප්‍රකාශයට පත්කළා.
ඒ අනුව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියසම්, ජනාධිපති නීතීඥ අලී සබ්රිල මහාචාර්ය වරිත හේරත්, හිටපු ආණ්ඩුකාරවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණල සීතා අරඹේපොළ, ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්, ටිරාන් අලස් සහ මොහොමඩ් මුස්ම්මිල් යන මහත්ම මහත්මීන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහත්වරුන්ටද ජාතික ලැයිස්තු නියෝජනයන් හිමිව තිබෙනවා. එම සම්පූර්ණ ලැයිස්තුව පහත සදහන් වෙනවා.


