පිලපිටිය ගැන වරෙන්තු ගන්න සූදානමක් නෑ – CIDය අධිකරණයට දන්වයි
- RSL
- February 13, 2020
- උණුසුම් පුවත්
- 0 Comments
එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයක නියැලුනු බව කියන ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (13) නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල මහතා වෙත දැනුම් දුන්නේය.
ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඔහු සැකකාරයෙකු කර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වරෙන්තුවක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන් වෙත කිසිදු උපදෙසක් ලැබී නොමැති බැවින් වරෙන්තු ලබාගැනීමේ සූදානමක් නැති බවද අපරාධ කොට්ඨාසය දැනුම් දී ඇත.

