පාතාලයන් 5ක් රැකවලුන් ලෙස සිටින කැබිනට් ඇමැති ගැන පරීක්ෂණයක් කරන්න අගමැතිගෙන් නියෝගයක්

Spread the love

කැබිනට් ඇමැතිවරයකු විසින් පාතාලයේ සාමාජිකයන් පස් දෙනකු සිය රැකවලුන් ලෙස තබාගෙන සිටින්නේ දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන ලෙස තමා පොලිසියට දැනුම් දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) ප්‍රකාශ කළේය.

එවැන්නක් පළ වූ පුවත්පත් වාර්තාවට අදාළ තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙස අදාළ අංශවලට දැනුම් දුන් බවද අගමැතිවරයා කීවේය.

අගමැතිවරයා එසේ පැවැසුවේ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර (එජනිස) විසින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

යහපාලන රජයේ ඇමැතිවරයකු ආරක්ෂකයන් වශයෙන් පාතාල සාමාජිකයන් පස් දෙනකු තබාගෙන සිටින්නේ නම් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක්දැයි මන්ත්‍රිවරයා විමසුවේය.

‘කාන්තාවන් දූෂණය කළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා පක්ෂයෙන් ඉවත් කර ගන්න බැරි වූ, පාතාලය සමඟ ගනුදෙනු පැවැත්වූ හොරු තියාගෙන හිටපු අයට මෙවැනි ප්‍රශ්න අහන්න තිබෙන අයිතිය මොකක්ද? ඒකයි මා අහන්නෙ’ යැයි අගමැතිවරයා පැවැසීය.

RSL

Related Posts