පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනේ
- RSL
- November 4, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ online ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය 2020.10.29 දින සිට පහසුකම් සලසා ඇත.
මෙම තනතුරු සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020.11.30 දින වන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමේද යම් ගැටලුවක් ඇති වුවහොත් සතියේ වැඩ කරන දින වල පෙ.ව.9.00 – ප.ව.4.00 දක්වා වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරණ හා සම්බන්ධීකරණ ඒකකයේ ක්ෂණික දුරකථන අංක 0112-340007 අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.
| සංකේත අංකය | සේවාව | පුහුණු පාඨමාලාවේ නම | පුහුණු කාල සීමාව | මාධ්‍යය |
| 1 | ඖෂධවේදී | වසර 02 | ඉංග්‍රීසි | |
| 2 | පරිපූරක වෘත්තීන්ගේ | වෘත්තීය චිකිත්සක | වසර 02 | ඉංග්‍රීසි |
| 3 | සේවාව | විකිරණ ශිල්පී | වසර 02 | ඉංග්‍රීසි |
| 4 | පාසල් දන්ත චිකිත්සක | වසර 02 | ඉංග්‍රීසි | |
| 5 | සෞඛ්‍ය කීට විද්‍යා | වසර 02 | ඉංග්‍රීසි | |
| 6 | අක්ෂි තාක්ෂණවේදී | වසර 02 | ඉංග්‍රීසි | |
| 7 | අතුරු වෛද්‍ය සේවාව | අංගාදේශක හා සෘජුකරණඥ | වසර 03 | ඉංග්‍රීසි |
| 8 | මහජන සෞඛ්‍ය පරීක්ෂක | වසර 02 | ඉංග්‍රීසි | |
| 9 | ඛන්තු රේඛණ ශිල්පී | වසර 01 | ඉංග්‍රීසි | |
| 10 | විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරු | වසර 02 | ඉංග්‍රීසි | |
| 11 | මහජන සෞඛ්‍ය රසායනාගාර | වසර 01 මාස 03 | ඉංග්‍රීසි | |
| ශිල්පී | ||||
| 12 | දන්ත කාර්මික ශිල්පී | වසර 02 | ඉංග්‍රීසි |

