නීරෝධායන නීති දැඩි කිරීමට නීති ගෙන ඒම ‘අතීසාරයට අමුඩ ගැසීමක්’
- RSL
- October 14, 2020
- පුවත් සහ වාර්තා, මතවාද
- featured
- 0 Comments
විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයෝ බොහෝ විට හැසිරෙන්නේ කොරෝනා වසංගතය පිළිබ
ද කිසිම වගකීමක් ඇතිව නොවන බව ප‍්‍රවෘත්ති වැඩ සටහන් නරඹන විට මට පෙනේ. මොවුන් රට පුරා විවිධ සංචාරවල යෙදෙන්නේ මුව ආවරණ නොමැතිවය.
නීරෝධායන නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමට ළගදීම පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඊට අදාළ ගැසට් පත‍්‍රය ද ළගදීම එළිදැක්වීමට නියමිතය. ඒ අනුව මුඛ ආවරණ නොපළදින සහ සමාජ දුරස්ථභාවය නොරකින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් සිදුවනු ඇත. අනතුරුව අධිකරණය හමුවට පමුණුවනු ලැබීමෙන් පසු රුපියල් දසදහසක දඩයක් හෝ මාස හයක සිර දඩුවම් හෝ එම දඩුවම් දෙකම ක‍්‍රියාත්මක කිරීම සිදුවන බව සෞඛ්‍ය ඇමැතිනිය පවසයි.
මුථ ලෝකයම කොරෝනා වසංගතයෙන් බැටකන අවස්ථාවකි මේ. ලෝකයේ සමහර රටවල් සිය රට තුළ කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමේ අවධානම පාලනය කිරීම සදහා නීරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවක් දකින්නට ලැබේ. එවැනි දඩුවම් පනවමින් කොරෝනා වසංගතය පාලනය කළ රටවල් හා ප‍්‍රාන්ත පිළිබදව ද අසන්නට ලැබේ.
මා ජීවත් වන්නේ ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බෙන් නගරයේය. මෙම නගරය පිහිටා ඇත්තේ ක්වින්ස්ලන්ත ප‍්‍රාන්තයේය. මෙම ප‍්‍රාන්තය අති විශාලය. ඉඩකඩ ඔ්නෑ තරම් ය. කොරෝනා වසංගතය පැතිරීමත් සමග එය පාලනය කිරීම සදහා මෙම ප‍්‍රාන්තයේ ආණ්ඩුවේ මහ ඇමැතිනිය දැඩි දඩුවම් මාලාවක් පමුණුවනු ලැබුවාය. දඩුවම් මාලාව මධ්‍යයේ වුවත් ඇතමුන් හිතුවක්කාර ආකාරයට හැසිරෙන්නට උත්සහ කළ අතර ඔවුන් පොකුරු පිටින් අත්අඩංගුවට ගෙන දඩ ගසනු ලැබීය. මෙම දඩ මුදල් සුළුපටු ප‍්‍රමාණයේ ඒවා නොවේ. සමහර විට දඩ මුදල ඩොලර් 12,000ක් දක්වා පැනවිණ. එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 13ක් පමණ වනු ඇත. මේ ආකාරයට නීරෝධායන නීති යටතේ ජනතාව පාලනය කරන්නට ආණ්ඩුවට හැකි වූ අතර අද වනවිට නීරෝධායන නීති අකුරටම පිළිපදින ජනතාවක් ක්වින්ස්ලන්ත ප‍්‍රාන්තය තුළ දකින්නට ලැබේ.
එහෙත් මෙවැනි පාලනයක් තවමත් නිව්සවුත්වේල්ස් හා වික්ටෝරියා යන ප‍්‍රාන්තවල දකින්නට නොලැබේ. මිනිසුන් දඩබ්බර ආකාරයට නීරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා පසුගිය දිනවල කොරෝනා වසංගතය ඉතා ප‍්‍රබලව මෙම ප‍්‍රාන්ත දෙක තුළ පැතිරී ගියේය. මිනිස් ජීවිත රැසක් රටට අහිමි විය.
කෙසේ වෙතත් ක්වින්සල්නත ප‍්‍රාන්තය තුළ අද වනවිට කොරෝනා වසංගතය මර්ධනය වී තිබෙන බවක් පෙන්නුම් කරන නමුත් ආණ්ඩුව නීරෝධායන නීති ඉවත් කරන බවක් නොපෙනේ. මන්ද මෙම වසංගතය නිමේෂයකින් ප‍්‍රාන්තයේ කොතැනකින් හෝ මතුවීමේ අවධානමක් පවතින බව ආණ්ඩුව විශ්වාස කරන බැවිණි.
නීරෝධායන නීති කාටත් එකසේ ක‍්‍රියාත්මක කිරීම මෙහි මා දකින විශේෂත්වයයි. නමුත් ශ‍්‍රී ලංකාවේ මේ ආකාරයට දැඩි නීති පනවා කොරෝනා වසංගතය පාලනය කළ හැකිදැයි මා තුළ ප‍්‍රශ්ණයක් නැගේ. ඒ අමිහිරි මතකයන් මේ සම්බන්ධයෙන් මසිත කළඹවන බැවිණි.
දෙවැනි කෝවිඞ් රැල්ල ආරම්භ වීම, එය පැතිරී ගිය ආකාරය හා ඊට මුල් වූ ප‍්‍රධාන කාරණා බොහෝමයක් මේ වනවිට සමාජය හමුවේ අනාවරණය වී තිබේ. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් රට තුළ හට ගැනීම සම්බන්ධයෙන් කිසිවෙක් මේ දක්වා වගකීම භාර ගෙන නැති වීම අවාසනාවකි. එබැවින් විවිධ මාධ්‍ය හරහා එකිනෙකාට සිදුකර ගන්නා මඩගසා ගැනීම් අප‍්‍රමාණය. නිරෝධායන නීති රටේ ක‍්‍රියාත්මක වෙමින් තිබෙන වාතාවරණයක් යටතේ එබන්දක් සිදු වී වරදකරුවකුත් නොමැති නම් දඩ පැනවීමක් වැනි කි‍්‍රයාවකින් සිදුවන්නේ ‘ගොයම වැනසූ කොටියාට පළා යන්නට ඉඩ හැර පැලේ තිබෙන මුව හමට තඩි බෑමවක්’ වැනි වැඩකි.
විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයෝ බොහෝ විට හැසිරෙන්නේ කොරෝනා වසංගතය පිළිබ
ද කිසිම වගකීමක් ඇතිව නොවන බව ප‍්‍රවෘත්ති වැඩ සටහන් නරඹන විට මට පෙනේ. මොවුන් රට පුරා විවිධ සංචාරවල යෙදෙන්නේ මුව ආවරණ නොමැතිවය.



විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයෝ බොහෝ විට හැසිරෙන්නේ කොරෝනා වසංගතය පිළිබද කිසිම වගකීමක් ඇතිව නොවන බව ප‍්‍රවෘත්ති වැඩ සටහන් නරඹන විට මට පෙනේ. මොවුන් රට පුරා විවිධ සංචාරවල යෙදෙන්නේ මුව ආවරණ නොමැතිවය. ඔවුන් පසුපස යන ගෝලබාලයන් ද ‘ඇදේට යන කකුථවා පසුපස යන කකුථ පැටවුන්’ මෙන් වැරැද්දම අනුගමනය කරමින් ගමන් කරති. දෑත් සෝදා පිරිසිදු කර ගැනීමක් නැත. හතර වටේ කෙළ ගසති. කහිති. කිවිසුම් පිට කරති.
මෙවැනි පුද්ගලයන්ට එරෙහිව දඩ ගැසිය හැකිදැයි ප‍්‍රශ්ණයකි. පසුගිය දිනෙක එක්තරා ගමකට පැමිණි දේශපාලනඥකුගෙන් හැදුනුම්පත ඉල්ලා සිටි පොලිස් නිලධාරියාට හූ තබා, බැන වැදී මුථ පොලිසි දෙපාර්තමේන්තුවේ ආත්ම ගෞරවය කෙළසූ අයට එරෙහිව කිසිම නීතියක් ක‍්‍රියාත්මක නොවීය. ‘දේශපාලනඥයකුගෙන් හැදුනුම්පත ඉල්ලා සිටින්නට පොලිස් හෝ වෙනත් ආරක්ෂක නිලධාරියකුට අයිතියක් නැද්ද?’ යන ප‍්‍රශ්ණය මෙහිදී මතුවේ. ඒ වගේම එවැන්නක් කළ හැකි හෝ නොහැකි බවට ගැසට් නිවේදනයක් තිබේද යන්නද මෙහිදී වැදගත් ය.
මා නම් සිතන්නනේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා කවර වූ පියවරක දී තත්ත්වය, තරාතිරිම හෝ දේශපාලන බලය නොවැදගත් ය. වැදගත් වන්නේ රටේ ආරක්ෂාවයි. එම ආරක්ෂාව වෙනුවෙන් ක‍්‍රියාත්මක වන පොලිස් හෝ වෙනත් ආරක්ෂක අංශ ඉදිරියේ දේශපාලනඥයින් නිහතමානි විය යුතුය. ගොන්පාට් දමා නීතිය හා නීතිය රකින නිලධාරින් හෑල්ලූවට ලක් නොකළ යුතුය. දේශපාලනඥයන් හා ඔවුන්ගේ ගෝල බාලයින් රට පුරා සංචාරය කරන අවස්ථාවල දී මුඛ ආවරණ නැතැයි පවසමින් රංචු පිටින් අත්අඩංගුවට ගත හැකිදැයි තවත් ප‍්‍රශ්ණයකි. එසේ කරන්නට තරම් බලයක් තිබෙන පොලිස් නිලධාරින් කිසිම ආණ්ඩුවක් විසින් ගොඩනංවා නැත. පාස්කු කොමිසම ඉදිරියේ හිටපු පොලිස්පතිවරයා ලබා දෙන කටඋත්තර අනුව පොලිසියේ නිල ඇදුම් ගලවා ඔවුන් නිරුවත් කර තිබෙන ආකාරය අසන්නට ලැබෙන විට දැනෙන වේදනාව සුථපටු නොවේ.
අපේ රට කුඩා ය. කඩ මණ්ඩිවලට මිනිසුන් එක්රැස් වන්නේ අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල දී ගන්නට ය. ගංගොඩවිල, කඩුවෙල හෝ තවත් එවැනි ප‍්‍රදේශවල පිහිටි සති පොළවලට පාරිභෝගිකයින් පැමිණෙන්නේ බුරුතු පිටින් ය. සමාජ දුරස්ථභාවය තබා ගෙන මෙම ස්ථානවලින් භාණ්ඩ මිල දී ගන්නට පොලිම් ගැසුනහොත් එහි කෙළවර සැතපුම් ගණන් දිග් වනු ඇත. අනෙක් අතට රටේ නන් දෙසින් අත්අඩංගුවට ගන්නා පිරිස් රදවා තබන්නේ කොතැනද? පොලිස් සිරකූඩු, බන්ධනාගාර සතියෙන් පිරී ඉතිරී යනු ඇත. ඔවුන්ට කන්න බොන්න දෙන්න රුපියල් දසලක්ෂ ගණන් මහජන මුදල් වැය කරන්නට රජයට සිදුවනු ඇත.
නිරෝධායන නීති පැනවීම වරදක් නොවේ. නමුත් ශ‍්‍රී ලංකාව වැනි රටක පවතින සමාජ විෂමතා දන්නා අපට පෙනෙන්නේ සෞඛ්‍ය ඇමැතිනියගේ මෙම යෝජනාව ‘අතීසාරයට අමුඩ ගැසීමක්’ වැනිය. ලෝකයේ රටවල නිරෝධයන නීති පනවා මිනිසුන්ගෙන් දැඩි දඩ මුදල් අය කරන්නේ ඔවුන්ට එම දඩය ගෙවීමේ හැකියාවක් තිබෙන බැවිණි. නැතිනම් මෙවැනි රටවල ආණඩු පෙරැුලී අවසන් ය. ශ‍්‍රී ලංකාවේ මිනිසුන්ගෙන් බොහෝ පිරිසක් එදා වේල සොයා ගන්නේ දැඩි වෙහෙස මහන්සියෙනි. දේශපාලනඥයින්ට මෙන් ඔවුන් කිසිවෙක්ට අහසින් කිසි දෙයක් පහළ නෙවේ. එවැනි පුද්ගලයන්ගෙන් රුපියල් දසදහසක් වැනි දඩයක් අය කරන්නට යාම ‘හිගන්නාගේ පාත්තරේට හෙනහරා කඩා පාත් වුණාට‘ දෙවැනි නොවේ.
නීති පැනවිය යුත්තේ සෑම අයකුටම ඒවා ක‍්‍රියාත්මක කළ හැකි නම් පමණී. නැතිනම් ‘නඩුත් උන්ගේ බඩුත් උන්ගේ’ යැයි කියමින් කුපිත වන ජනතාව කතිරය අනිත් පැත්තට ගසනු නිසැකය.
අනුර හොරේෂස් – බි‍්‍රස්බෙන් සිට

