නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ඖෂධ බෙදා හැරීම
- RSL
- October 29, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ආර්ථික පුනර්ජීවන හා දුප්පත්කම තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ දී එකී ප්‍රදේශ තුළ තම ඖෂධශාලා බලපත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කරමින් නිවෙස් වෙත ඖෂධ බෙදාහැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අවසර දෙනු ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ දී අවහිරතාවයකින් තොරව මහජනතාව වෙත ඖෂධ ලබාදීම තහවුරු කිරීම සඳහා මෙම අනුමැතිය ලබාදෙන අතර, නිරෝධායන සෞඛ්‍ය නීති සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කරන මෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

