නව ආසාදිතයින් 457ක් වාර්තා වෙද්දී තවත් ප්‍රදේශ තුනකට ඇඳිරිනීතිය
- RSL
- October 27, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ්-19 පොකුරෙන් අද (27) පස්වරු 21.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව (ප.ව 21.45 වන විට) 457ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පස්වරු 21.45ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
මෙම නව ආසාදිතයින් සමග මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


මොරටුව – පානදුර – හෝමාගම පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව, පානදුර සහ හෝමාගම පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.


