දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුවේ නව සභාපති අගමැති හමුවෙයි
- RSL
- September 18, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන (2015-2019) කමිටුවේ නව සභාපති ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් අද (18) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර එතුමා කථානායක ධූරයට පත්වීමත් සමඟ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පත් කෙරිණි.
නව සභාපතිවරයා පත්වීමෙන් පසු පැවති පළමු හමුව මෙය වේ.
රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන කමිටුවට මේ වන විට ඉදිරිපත්ව ඇති අභියාචනා ප්‍රමාණය 6952 කි. ඉන් අභියාචනා 2365ක් කමිටුවට සෘජුවම ලැබී තිබේ.
2015-2019 කාලයේ රාජ්‍ය සේවය තුළ සිදු වූ දේශපාලන පළිගැනීම් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම කමිටුවට පත් කර තිබිණි. මෙම කමිටුවේ මූලික වාර්තාව පසුගිය දා අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නේය.
මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අතිරේක ලේකම් චමින්ද කුලරත්න, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ ලේකම් නීතීඥ චතුරිකා විජේසිංහ, කමිටු සාමාජිකයින් වන ඒ.ඒ.ආරියරත්න සහ මහින්ද සෙනවිරත්න මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

