දින 3ක විශේෂ නිවාඩුවක්
- RSL
- March 17, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බවත් මෙම නිවාඩු තුන ප්‍රසිද්ධ නිවාඩු (public holidays) ලෙස නොසැලිය යුතු බවද රජය නිවේදනය කරයි.
සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.
පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජයේ ඉල්ලා සිටියි. කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

