දින 20ක් වයසැති බිළිදෙක් කොවිඩ්-19 ආසාදනයෙන් මියයයි
- RSL
- December 8, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
නියුමෝනියාව හා කොවිඩ් තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අද (08) දින බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී දින 20ක් වයසැති බිළිදෙකු මියගිය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළා.
මෙරටින් වාර්තා වූ ළාබාලත ම කොවිඩ් මරණය එය බවයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ.
තොටළඟ ප්‍රදේශයේ උපත ලබා ඇති එම බිළිඳා උග්‍ර නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ඊයේ (07) රාත්‍රියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවයි රෝහල් බලධාරීන් පැවසුවේ.
බිළිදා මියගිය පසු සිදුකළ පීසීආර් පරීක්ෂාවෙන් ඔහුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන නමුත් ඔහුගේ මව්පියන්ට කොවිඩ් -19 ආසාදනය වි නොමැති බව ඔවුන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් අනාවරණ වූ බව ද රෝහල් බලධාරීන් ප්‍රකාශ කළා.
මේ සිදුවීම දෙමාපියන්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානයට යොමුවිය යුතු කරුණක් බවයි අප කළ විමසීමක ද සෞඛ්‍ය අංශ ප්‍රවීණයෙක් සදහන් කළේ.

