ජේතවනාරාම දාගැබ ඉරි තැලීම: ඇත්ත හේතු මෙන්න
- RSL
- February 13, 2020
- උණුසුම් පුවත්
- 0 Comments

අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිසාවකින් ඉරි තැලීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ ප‍්‍රචාර සිදුවෙමින් තිබෙනවා. මේ ගැන කරුණු කාරණා නිවැරදිව දන්න කියන පිරිස් පවසන්නේ සමාජමාධ්‍ය ‘සුපුරුදු ලෙස’ බොරු හෝ මිත්‍යා කතාව සමාජගත කරමින් ‘හිට්ස්’ වෙන්න හදන බවයි.
අප මේ පිළිබඳව ප‍්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් කිහිප දෙනකුගෙන් විමසීමක් කළ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බවයි.
ඒ ගැන ඔහු මෙසේ කරුණු පැහැදිලි කළා. ‘අනුරාධපුර ජේතවනාරාම දාගැබේ ඇතිවෙලා තිබෙන තත්ත්වය අද ඊයේ ඇති වුණ දෙයක් නෙවෙයි. මීට වසර කිහිපයකට පෙර ආගැබට අකුණක් වැඳීම නිසා ඉරි තැලීම් ඇති වුණා. ඒ සමග දාගැබ තුළට වැසි දිය කාන්දු වීමේ අනතුරක් ඇති වුණා. ඒත් ස්ථිරසාර පිළිවෙළක් වෙත යාම ප‍්‍රමාද වන නිසා ඒවාට පිළියමක් විශේෂ බදාම වර්ගයක්් ගැල්ලූවා. ඒත් කිසියම් හේතුවක් නිසා මේ වන විට ඒ බදාම දියවෙලා තියෙනවා. එය තමයි මේ පේන්න තියෙන්නේ. කඩිනමින් ස්ථිරසාර පිළිවෙළක් දියත් කිරීමට නොහැකි වුණොත් අපිට යළිත් විශේෂ බදාමයක් ආලේප කිරීමට සිදුවෙනවා. ඒ නිසා මෙවැනි ස්වභාවික තත්ත්වයන් ගැන අනවශ්‍ය භීතියක් හෝ මුසාවක් නිර්මාණය නොකළ යුතුයි. විශේෂයෙන් නිවැරදි තොරතුරු නොදන්න පිරිස් වගකීමෙන් කටයුතු කළ යුතුයි’

