චොකා මල්ලිට – පිල්ලෙයාන්ට මැති සබේ දොර වසයි ?
- RSL
- August 25, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් අද (25) සහ හෙ (26) පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගීවීමට සිරගතව සිටින පේ‍්‍රමලාල් ජයසේකර මන්ත‍්‍රීවරයාට සහ සිවනේසතුරේ චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට ඉඩ නොලැබෙන බව පාර්ලිමේන්තුවේ චේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රිමාන්ඞ් භාරයේ පසුවන මන්ත‍්‍රීවරයෙකුට ඇත්තේ පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී වීමේ වරප‍්‍රසාදය පමණක් බවයි.
‘පේ‍්‍රමලාල් ජයසේකර මන්ත‍්‍රීවරයා කියන්නේ මරණ දඬුවම නියමව සිටින අයෙක්. ඔහුව පාර්ලිමේන්තු රැස්වීමට පවා සහභාගී නොකිරීමට නීතිපතිවරයාගේ උපදෙස් මත බන්ධනාගාරය තීරණය කර තිබෙනවා‘
මෙහිදී ලබන 27 සහ 28 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම්වලට ඔවුන් දෙදෙනා සහභාගී කරවනවාද යන්න ගැන කළ විමසීමේදී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ අදාළ දින දෙක සඳහා ඔවුන්ව සහභාගී කරවන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවයි.

