ගාමිණී සෙනරත් යළි අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට
- RSL
- August 10, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුව සිටි ගාමිණි සේදර සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස නැවතත් පත් කෙරේ.
ඔහු සිය පත්වීම් ලිපිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් භාර ගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා 2019 නොවැම්බර් 21 වැනි දින මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත් විය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණී සේදර සෙනරත් මහතා 1984 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක් හදාරා තිබේ.

