ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 1,38,777කට අත්‍යවශ්‍ය භාණ්ඩ
- RSL
- March 25, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙල ඇරඹේ. දිස්ත්‍රික්කයේ ස්ථාන 13කදී එය ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් එක් ලක්ෂ තිස් අටදහස් හත්සිය හැත්තහතකට (1,38,777) අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීම මේ අනුව සිදු කෙරේ. භාණ්ඩ ලබා දෙන්නේ ඔවුන්ගේ ඊළග මස සහනාධාරයෙන් අය කර ගැනීමේ පදනම මතයි. පළාත් පාලන විවිධ සේවා සමූපාකර සමිති, සමෘද්ධි අධිකාරීය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක වේ.
මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 12000 ක් සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ප්‍රවාහනය අද ආරම්භ කෙරුණි. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මලු සකස් කෙරුණේ උඩුගම්පොල සතිපොල භූමියේදීය. ඊයේ රාත්‍රියේ සිට මෙම භාණ්ඩ මලු සැකසීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සහ කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් සිදුකෙරින.
සමෘද්ධි කළමණාකරුවන් වෙත ලබා දෙන මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මලු සමෘද්ධි නිළධාරීන් හරහා ප්‍රතිලාභියාගේ නිවසටම යැවීම මේ අනුව සිදුකෙරේ. ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක වටිනාකම රුපියල් 1000කි. එහි සහල්, පරිප්පු, අල, සැමන්, නූඩ්ල්ස්, වැනි ආහාර වලින් සමන්විතයි.
දිස්ත්‍රික්කයේ සෙසු ජනතාවගේ නිවෙස් අසලටම අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ සටහනද දිස්ත්‍රික්කය පුරා දැන් ආරම්භ කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මාලු සහ එළවළු ජනතාව පදිංචි නිවෙස් අසලටම ලබා දීමේ වැඩ පිළිවෙලද හෙට සිට ආරම්භ කෙරේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ Covid – 19 වසංගතය පාලනය කිරීම සදහා ජනතා දායකත්වය අත්‍යවශ්‍ය බවයි. රජයේ වැඩ පිළිවෙලට සහය ලබා දෙමින් ඉවසලිවන්තව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා කියා සිටියි.

