ගම්පහ දිස්ත්‍රික්කයේ ‘නිරෝධාන ඇදිරිනීතිය’ තව දුරටත් ක්‍රියාත්මකයි
- RSL
- October 25, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ගම්පහ දිස්තත්රික්කයට මේ වන විට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (25) දින ප.ව13.25ට නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් වේ.
එහි දැක්වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා හෙට, එනම් 26 වැනි දින පෙ.ව-8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙද සැල් සහ ඖෂධ ශාලා විවෘත කර තැබෙන බවයි.

