කොළඹින් කොවිඩ් මරණ 5ක් – නව ආසාදිතයින් 628ක්
- RSL
- December 3, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
Covid-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 5ක් අද (03) දින සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
මෙම මරණ 05ත් සමහ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 129ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දින මියගොස් ඇති පුද්ගලයින් 05 දෙනාම කොළඹ ප්‍ර දේශයේ පදිංචිකරුවන් වන අතර, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.
ඉන් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර එක අයෙක් නිවසේදී මරණයට පත්ව ඇති බව සඳහන් වේ.
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ පස්වරු 22.12 සිදුකළ නවතම යාවත්කාලීන කිරීම් අනුව අද දින අලුතින් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් ගණණ 628ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26,039කි. රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6877ක් වන අතර සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 19,032කි.


