කොවිඩ් සමයේ වුවත් ‘කලට වේලාවට’ පොහොර ටික ගොවිබිමට දෙන්න – කෘෂිකර්ම ඇමති

Spread the love

පොහොර ගෙන්වීමේ කටයුතු කොළඹ වරායට ගොස් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (28) නිරීක්ෂණය කළේය. රාජ්‍ය පොහොර සමාගම් දෙක මඟින් ගෙන්වන ලද නැව් දෙකකින් පොහොර බෑමේ කටයුතු ද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.  

අධික අවධානමක් පැවතිය ද සේවයේ නියුතු කම්කරුවාගේ සිට සියළු නිලධාරීන්ගේ ගැටළු අමාත්‍යවරයා මෙහිදී ළඟටම ගොස් විමසා සිටි අතර එම සේවයේ නිරත සේවකයන්ට රජය වෙනුවෙන් ප්‍රසාදය හා ස්තූතිය අමාත්‍යවරයා එහිදී පළ කළේය.

දිනකට පොහොර මෙට්‍රික් ටොන් 4,000 ක් නැව් වලින් ගොඩබෑම සිදුවුවද මේ වන විට එය මෙට්‍රික් ටොන් 1,000 දක්වා පහත වැටී ඇත්තේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන්ග පොහොර බෑමේ කටයුතු සඳහා පළපුරුදු කම්කරුවන් අත්‍යවශ්‍ය වන අතර, දැනට සේවයේ නිරත වන්නේ 25% ක පමණ කම්කරුවන් පිරිසකි.

පොහොර බෑමේ කටයුතු වලදී සේවකයන් මෙන්ම නිලධාරීන් මුහුණදෙන ගැටළු වලට අමාත්‍යවරයා දිය හැකි විසඳුම් ඒ මෙහොතේම ලබාදුන්නේය. දිවයින පුරා පොහොර හිඟයක් නිර්මාණය නොවීමට මෙම සේවකයන්ගේ කැපකිරීම ඉතා වැදගත් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහාතා මෙහිදී කියා සිටියේය.  

එසේම පොහොර බෙදාහැරීමට යොදවනු ලබන ලොරි රථවල රියදුරන් සියළුදෙනා PCR පරීක්ෂණ වලට ලක්කෙරෙන බවත් එම වාර්ථා පැමිණීමේ ප්‍රමාදයන් හේතුවෙන් ද රියදුරු හිඟයක් නිර්මාණය වී ඇති බවත් වරාය තුළ කළ නිරීක්ෂණයේ දී හෙළි විය.

වරාය තුළ එම සේවකයන්ගේ PCR පරීක්ෂණ සිදුවන ආකාරය ද මෙහිදී අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.  මෙහිදී කම්කරුවන් කියා සිටියේ අවධානම ද නොසලකා තමන්ගේ ගැටළු පෞද්ගලිකවම සොයා බැලීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  පැමිණීම සිය සේවයට හා කැපකීරීමට මහත් ධෛර්යයක් වූ බවයි.

ඊට අමතරව පොහොර සමාගම්වල බෙදා හැරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහාය ද අවශ්‍ය පරිදි ලබාගැනීමට අමාත්‍යවරයා මෙහිදී සම්බන්ධීකරණ කටයුතු සිදුකළේය.

දිවයින පුරා පොහොර බෙදාහැරීමේ කටයුතු සිදුකරන්නේ කොවිඩ් හමුවේ මුහුණ දී ඇති අභියෝග රැසක් මැදය. කෙසේ වෙතත් වරායේ ප්‍රමාදය ගොවියාට යාමට ඉඩ නොදී හැකි උපරිමයෙන් කාර්යක්ෂමව කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. ඊට රජය දියයුතු, දියහැකි සියළු පහසුකම් ලබාදීමට සූදානම් බවත් වරායේ පොහොර බෑමේ සහ පැටවීමේ නිරත සියළු සේවකයන්ට අමාත්‍යවරයා පෙරොන්දු විය.

එම සේවකයන්ට අවශ්‍ය නවාතැන් පහසුකම්, ආහාර හා සෞඛ්‍යාරක්ෂිත කටයුතු පෞද්ගලිකවම සොයා බලන ලෙසද අමාත්‍යවරයා ලක්පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ මහතාට උපදෙස් ලබාදුන්නේය.  

වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක, ලක්පොහොර සමාගමේ සභාපති ජනත් විදානගේ ඇතුළු නිලධාරීන් පිරිසකුත් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ. 

RSL

Related Posts