කොවිඩ් වැළඳී සුව වුවත් වෛරසය මාසයක් සිරුරේ -නවතම පර්යේෂණයක් කියයි
- RSL
- September 2, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
කොවිඩ් ආසාදිතයින්ගේ සිරුරෙන් වෛරසය මුළුමනින්ම පහවයාම සඳහා මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්රැන්සෙස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1162 දෙදෙනකු යොදාගෙන කළ පීසීඅර් පරීක්ෂණ මගින් හඳුනා ගෙන ඇතැයි බි්රතාන්යයේ ප්‍රකට වෛද්‍ය සඟරාවක සඳහන් වේ.
ඒ අනුව එක් වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගියා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත හැක්කේ මාසයකට පසුව සිදු කෙරෙන පීසීඅර් පරික්ෂාවක් අනුව බව එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ.

