කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් මෙසේය.
කොවිඞ් – 19 වෛරසය ඇතිවූ දවසේ ඉ`දලාම ඉතා වගකීමෙන් යුතු රජයක් හැටියට අපි කි‍්‍රයා කරලා තිබෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් කි‍්‍රයා කිරීමට ප්‍රථමයෙන් වගකිවයුතු රජයක් හැටියට අපි මේ සම්බන්ධව කි‍්‍රයා කළා. මේ කාලය තුළදී අපි විවිධ අභියෝගවලට ලක් වුණා. මේක ලෝකයේවත්, අපේ රටේ කවුරුවත් මීට පෙර මුහුණ දීලා නැති තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. බොහෝ වේලාවට සමහර අයට අපි කරපු දේවල්, අපි මුහුණ දුන් අභියෝග අමතක වෙලා තියෙන්නේ.
ජනවාරි 26 වෙනිදා තමයි අපි මෙහි කාර්ය සාධක බළකාය මුලින්ම ස්ථාපනය කළේ. වෛද්‍යවරුන්, ති‍්‍රවිධ හමුදාව, බුද්ධි අංශ, පොලීසිය මේ සෑම කණ්ඩායමක් ඇතුළත් කරලා තමයි කාර්ය සාධක බළකාය ඇති කළේ. ඒ වගේම වෙනම කාර්යාලයක් ආරම්භ කළා. ජනාධිපතිවරයා හැටියට මම හැමදාම වගේ රාජ්‍ය බුද්ධි අංශ සේවාවේ ප්‍රධානියා, හමුදාපතිවරයාත් එක්ක කතා කළා. අනිල් මහතා, සෞඛ්‍ය ඇමතිනිය එක්ක කතා කරලා තියෙනවා. මේ සෑම අවස්ථාවේදීම රජයක් හැටියට අපි ඉතා වගකීමක් සහිතව මේ කාර්යය කළා. ඒ නිසා අපිට ඒ අවස්ථාවලදී නිසි පියවර ගන්න හැකි වුණා.
මේක අද ලෝකයේ ඉහළම රටවල් පවා විශාල අභියෝගයකට පත් වෙලා තියෙන බව අපි කවුරුත් දන්නවා. නමුත් අපිට හැකිවුණේ මේක පාලනය කරගන්නට අපි රජයක් හැටියට මේක දීපු වැදගත්කමත්, ඒ වගේම අවශ්‍ය අවස්ථාවන්වලදී තීරණ ගැනීමත්, ඒ වගේම සෑම අංශයක්ම එකට එක්ව කටයුතු කිරීම නිසාත් අපිට පුළුවන් වුණා. හැබැයි මේ කාලය ඇතුළත අපට අභියෝග විශාල සංඛ්‍යාවක් ඇතිවුණා. නමුත් අපිට ඒවාට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් වුණා. මේක පටන් ගන්නකොට අපි දන්නවා වූහාන් නගරයෙන් පටන් ගත්තේ. එහේ අපේ ශිෂ්‍යයෝ 34 දෙනෙක් හිටියා.
අපි තීරණයක් අරගෙන ගුවන් යානයක් යවලා ගෙන්නලා, දවස් 6 කින් අපි දියතලාවේ නිරෝධායන කඳවුරක් හදලා එතෙන්ට ගිහිල්ලා සාර්ථකව ඒ කාර්යය කළා. දැන් ඒ ගැන ටිකක් බැලූවොත් එහෙම හරියට නිකන් චිත්‍රපටි වල තියෙන දෙයක් වගේ. මොකද අපි දැකලා නැහැ කවදාකවත් මේ වගේ දෙයක්. නමුත් මේ අය ගෙනල්ලා ස්කොඞ් දාගෙන ගෙනිහිල්ලා ඒ විදියට අපි ක්‍රියා කළේ. ඒ වෙනකොට අපි මේ නිරෝධායන කඳවුරු කියන ක්‍රමවේදයක් අහල තිබුණේ නෑ. නමුත් අපි තීරණයක් ගත්තා මේ අයව ගෙනියන්න කියලා. මේ ඉන්න අය ඔක්කොම දන්නවා අපිට නිරෝධායන කඳවුරක් හදාගන්න කොච්චර අපහසුද. අපි මුලින්ම කඳානට ගෙනියන්න තීරණය කළාම එතන උද්ඝෝෂණය කළා. දියතලාවේ උද්ඝෝෂණය කළා. පූනානිවල උද්ඝෝෂණය කළා. ඒ වගේ එදා මේව පටන් ගන්නකොට උද්ඝෝෂණය කළා. ඒපාර අපි පූනානිවල තිබුණු විශ්වවිද්‍යාල පවරා ගෙන එකේ අපි පළවෙනි නිරෝධායන කඳවුර ඇතිකළා.
ඉතාලියෙන් ආපු අය ගෙනියන කොට අපිට තිබුණු ප්‍රශ්න, හබරණදි ඩ්‍රයිවර්ගේ බෙල්ල මිරිකලා පැනලා ගියා සමහර අය. ඉතින් ඒ වගේ තත්ත්ව අභියෝග යටතේ තමයි මේක කළේ. පිටරට ඉඳලා මේ වෙනකොට අපි රටවල් 74 කින් 16279 දෙනෙක් මෙරටට ගෙනල්ලා පුනරුත්ථාපන කඳවුරුවලට යවලා තියෙනවා. මේකත් ලොකු අභියෝගයක්. කුෙවිට්වලින් ගෙනාපු සීයයට අනූ පහකටම කොරෝනා ආසාදිත වෙලා තිබුණේ. මේ තත්ත්වය මත අයි.ඩි.එච්. එක මදි වුණා. තව ආරෝග්‍යශාලා ලබාගෙන මේයට නිසි පිළියම් යෙදුවා.
අපේ ලොකුම සාර්ථකත්වය ආසාදිතයන් හදුනාගත් වහාම ඔවුන් සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් තෝරා ගැනීමයි. පළවෙන් වටය, දෙවෙනි වටය සමහර වේලාවට තුන්වෙනි වටයෙනුත් ආසාදිතයන් හ
දුනා ගත්තා. මේ හැම දෙනෙක්ම ප්‍රමාණය කොච්චර වුණත් මේ පුද්ගලයන් අපි නිරෝධායන කදවුරුවලට යොමු කළා. මේ නිරෝධායන ක
දවුරු අපි හැත්තෑවක් වගේ ප්‍රමාණයක් වෙනකම් ඉහළට අරන් ගියා. හැත්තෑවක් වගේ සංඛ්‍යාවක් නිරෝධායන ක`දවුරු විදිහට පවත්වාගෙන යනවා කියන එක විශාල අභියෝගයක්.
ඇත්තටම හමුදාව සහ බුද්ධිය අංශ මේ ක්රියවලියට තෝරා ගන්න එක හේතුවක් තමයි මේ කාර්යය සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන්න ටිකක් අමාරුයි. ආරෝග්‍ය ශාලාවක් පවත්වන්න පුඵවන්. නමුත් මේ වගේ කාර්යයක් කරන්න ඒ කිව්වේ කදවුරු හොයන්න, ක
දවුරුවලට ආරක්ෂාව සපයන්න, කදවුරුවලට ගෙනියන්න ඉතාම අමාරු දේවල් බුද්ධි අංශ මේ ස
දහා විශාල සේවාවක් අපට කළා. අවාසනාවකට වගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන කදවුරුකින් දැන් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. අපි ඒවායේ හොට්ස්පොට් හරියට හ
දුනාගෙන ඒවාට නිසි සැලසුම් ඇතිව නිරෝධායන වැඩපිළිවෙල කරගෙන යනවා දැනටමත්. අපි කළින් අභියෝගය ජයගත්තා වගේම මේ අභියෝගයත් අපට ජය ගන්න පුළුවන්.