කොරෝනා වෛරසයේ ආයු කාලය ගැන නවතම අනාවරණයක්
- RSL
- October 12, 2020
- CORONA: Covid 19, විදේශීය
- featured
- 0 Comments
සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කොරෝනා වෛරසයට දින 28ක පමණ ආයු කාලයක් පවත්නා බව ඕස්ට්‍රේලියා ජාතික විද්‍යා ආයතනය සිදුකළ නවතම පර්යේෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා.
පෙර නිගමනය කළ ආයු කාලයන්ට වඩා බොහෝ වැඩි ආයුකාලයක් මේ අනුව වෛරසයට නොනැසී පැවතිය හැකි බව සදහන් කරන පර්යේෂකයින් වැඩි දුරටත් සදහන් කරන්නේ මෙම තත්ත්වය හිරු රශ්මියත් සමඟ වෙනස් වන බවයි.
මුදල් නෝට්ටු , ජංගම දුරකතන මුහුණත් හි හා සුදු යකඩ මත වෛරසයට නොනැසී දින 28ක් පමණ රැඳී සිටිය හැකි සදහන් කරන පර්යේෂකයින් පර්යේෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය ජීවිතයට අනුගත කිරීමේ දී ප්‍රතිඵලවල තත්ත්වය තවදුරටත් අඩු හෝ වැඩිවිය හැකි බවද සඳහන් කරනවා.

