කෘෂිකාර්මික කටයුතු සදහා ඇඳිරි නීති සහන තවත් ලිහිල් කරයි
- RSL
- April 4, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඇඳිරි නීතිය කාලසීමාව තුළදී කෘෂිකාර්මික කටයුතු හුදකලාව කරන ලෙස ලබාදී ඇති අවස්ථාව තවදුරටත් ලිහිල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවා.
නව ලිහිල් කිරීම අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අවස්ථානුකූලව කටයුතු කිරීමට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බවත් ලබා දී තිබෙන මෙම අවස්ථාව අවභාවිත නොකර කෘෂිකාර්මික කටයුතුවල පමණක් නියැළෙන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

