කිසිදු බාහිර පුද්ගලයෙන් මහරගම අපේක්ෂා රෝහලට යන්න එපා
- RSL
- March 20, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු රෝගීන්ගේ ඥාතීන්ගෙන් සහ සෙසු පුද්ගලයින්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින වෛද්‍යවරු රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.
පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් ඉතා ඉක්මණින් ව්‍යාප්තවනු ඇති බව රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයෙක් සඳහන් කර ඇති අතර රෝහලේ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පවා අවදානම් තත්වයක සිටින බවද ඔහු විසින් පෙන්වා දී තිබෙනවා.
වෛද්‍යවරයකුටල කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට හෝ වයිරසය ආසාදනය වුවහොත් ඔවුන්ට නිරෝධායනයට යොමුවීමට සිදුවන බැවින් රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල විය හැකි බවයි අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

