ක්වේට් වලින් පැමිණි 29කට කොරෝනා – ලංකාවේ ආසාදිතයින් ගණන 1138ට නගී
- RSL
- May 24, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments

අද (24) දින ප.ව 18.05 වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 29 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1118 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වේ.
එහි දැක්වෙන්නේ මේ වන විට රෝගීන් 435 දෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 97 දෙනකු අධීක්ෂණය යටතේ සිටින බවයි.
මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොවිඩ්-19 ආසාදිතයින් ගණන 674ක් බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

මේ අතර අද ප.ව 17.30 ට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහව් කළේ අද දිනය තුළ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින්ගෙන් 28 දෙනාම (ඒ වන විට වාර්තා වී සිටි සංඛ්‍යාව) ක්වේට් හි සිට පැමිණි පුද්ගලයින් බවයි. ඔවුන් මින්නේරිය සහ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථාවනවල නිරෝධානයට ලක් වෙමින් සිටි පිරිසක් බව ද එම වාර්තාවේ සදහන් වේ.

