‘ක්ලොරොක්වීන්’වලින් කොරෝනා ආසාදනය වැළැක්විය නොහැකියි – අනිල් ජාසිංහ
- RSL
- March 22, 2020
- උණුසුම් පුවත්, සෞඛ්‍යය
- featured
- 0 Comments
මැලේරියා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී යොදාගත් ‘ක්ලොරොක්වීන්’ Chloroquine නම් ඖෂධය කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට ‘රෝහල් තුළදී පමණක්’ වෛද්‍ය නිර්දේශ මත අවශ්‍ය අවස්ථාවලදී පමණක් ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා යළි අවධාරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක (අද දින 22* සදහන් වෙයි.
මෙම ඖෂධය කොවිඩ් 19 වෛරස ආසාදනයෙන් වැළකීම සදහා භාවිත කිරීම කිසිසේත්ම නිෂ්ඵල බවත් එබැවින් ‘ක්ලොරොක්වීන්’ සොයා යාමෙන් වැළකී නිවස තුළටම වී නිසි සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස අනිල් ජාසිංහ මහතා සියලුම ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.

