කළුතර – පුත්තලම ඇඳිරි නීතිය සංශෝධනය කරයි
- RSL
- May 10, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
‘රතු දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය සංශෝධනය කළ බවත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.
කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදි හෙට, මැයි 11 සඳුදා ඇරඹේ.
කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

