කන්දකාඩු කොවිඞ්-19 පොකුර පුපුරයි – අද තවත් ආසාදිතයින් 196ක්
- RSL
- July 10, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් අද දින (10) තවත් කොවිඞ්-19 ආසාදිතයින් 196 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඊයේ (9) දිනයේදී කන්දකාඩු මධ්‍යස්ථානයෙන් කොවිඞ් ආසාදිතයින් 56 දෙනකු වාර්තා වූ අතර මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු කොවිච්-19 ආසාදිතයින් ගණණ 252කි.

