කංසා වගාවට බෙංගමුවේ නාලක හිමියන්ගෙන් තල්ලුවක්
- RSL
- August 19, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, මතවාද
- featured
- 0 Comments
කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අනුශාසනා කරමින් සදහන් කළා. කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කළා. මේ වන විට ලෝකයේ රටවල රැසක් ගංජා නීතිගත කර තිබෙනවා. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී නීතිය අනුව ලංකාවේ ගංජා වගාව සහ පානය කිරීම බරපතළ වරදක්.

