එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ‘කචල්’: සජිත් පිළ ඉවත්ව යයි
- RSL
- February 10, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන අද (10) සවස සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය අවසන් වුණා.

මෙම විශේෂ රැුස්වීම සදහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුඵ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සේම පසුගිය දා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නෙරපා හරනු ලැබූ සරත් ෆොන්සේකා සහ අජිත් පී. පෙරේරා ද පැමිණ සිටීම විශේෂත්වයක්.
එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකත්වයට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.
එහෙත් සජිත් පාර්ශ්වය බලාපොරොත්තු නොවූ ලෙස අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතර මතය වුණේ ඉදිරි මහ මැතිවරණය සදහා අලියා ලකුණින් තරග වැදීමටයි. ඊට සිය බලවත් විරෝධය දැක්වූ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම අවස්ථාවේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පිටව ගියා.


