එක්දින සහ T20 තරගාවලියකට ශ්‍රී ලංකාව එංගලන්තයට
- RSL
- January 26, 2021
- ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
එංගලන්තය සමඟ එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජූනි 15 වැනිදා එංගලන්තය බලා පිටත්ව යනු ඇත. ජූනි සහ ජූලි මාස වලදී පැවැත්වෙන එම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිතය.
අදාළ තරගාවලිය යටතේ ජුනි 23 වැනිදා දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය කාඩිෆ් සොෆියා ගාඩ්න්හිදීද දෙවැන්න ඊට පසු දින එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත. එක්දින තරගාවලිය ජුනි 29 වැනිදා ඩර්හැම්හිදී පැවැත්වෙන අතර ජූලි 04 වැනිදා බ්‍රිස්ටල්හි පැවැත්වෙන තරගයෙන් එංගලන්ත සංචාරය හමාර වනු ඇත.

