එංගලන්ත වෛරසයෙනුත් ආරක්ෂා වීමට ලංකාවට සැලසුම් ඕනෑ
- RSL
- December 24, 2020
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
එක්සත් රාජධානියෙන් හදුනා ගත් කොවිඩ් – 19 නව වෛරස් ප්‍රභේදය 70%ක වේගයකින් ව්‍යාප්ත වන බවත් මේ නව වෛරසයේ ව්‍යාප්තවීමේ වේගය අනුව ලෝකය පුරා රටවල කොවිඩ් තුන්වැනි රැල්ලක් නිර්මාණයවීමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
මෙහිදී වෛද්‍ය අලුත්ගේ කියා සිටියේ නව වෛරසයෙන් වැළකීමට සාර්ථක සැලසුම් ශ්‍රී ලංකාවට තිබිය යුතු බවයි.
මෙහිදී වැඩි දුරටත් වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
‘‘ මෙරටින් දැනට වාර්තා වන ආසාදිතයන්ගෙන් වැඩිපුරම සංඛ්‍යාවක් පෙරේදා (22) කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ඒ අනුව කලුතර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර කළුතර දිස්ත්‍රික්කයේ රෝගීන් අවම වශයෙන් වාර්තා වීමක් සඳහා සැලසුම් සකස් කළ යුතුයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් පසුගිය දින දෙක තුන තුළ දක්නට ලැබුණා. ඒ ඇතැම් විට දෛනිකව සිදු කරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබීම නිසා විය හැකියි‘

